Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශේෂ කාර්යය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් අන්තරාදායක ඖෂධයක් වන ප්‍රගාබ් වර්ගයේ මත්කරල් 539 ක් සිය සන්තකයේ තබා ගනිමින් එම මත්පෙති පාසල් දරුවන් හට අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ.

දීර්ඝ කාලයක සිට මෙම සැකකරු මෙලෙස මත්පෙති ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර 33 හැවිරිදි මොහු වව්නියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම් පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content