මෙරට මත්පැන් භාවිතය 30 % කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වෙතත් නීත්‍යානුකූළ මත්පැන් නිෂ්පාදනය 11 % කින් ඉහළ ගොස් ඇති බවයි.

නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළෙඳපොලට පැමිණීම අඩු වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර රජයේ සහනාධාර ලබාගැනීම සඳහා යොමු කර තිබු අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ සුදුසුම පුද්ගලයින් පමණක් තෝරා ගනිමින් ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බවයි.

මේ වන විට ලබාදෙන රජයේ සහනාධාරය ද ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content