Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 25 වනදා ගම්පහ පොලිස් වසමේ අංක 145/01/ඒ, අමුනුගොඩ, ඉඔල්ගොඩ යන ලිපිනයේ නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේයි.

එහි දී පසුගිය 24 වන දින මිනුවන්ගොඩ, මාකේවිට මවිලි සුපර් හාර්ඩ්වෙයර් හී සිදුවු මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, ජීව අත්බෝම්බයන් සන්තකයේ තබා ගැනීම, හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් සිදුකිරීමේ වරදට වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් හා හෙරොයින් ග්‍රෑම් 16.2 ක් තිබී සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content