වැසි වාර කිහිපයක් අද දිනයේ  ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා .

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් .

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා .

මිට අමතරව දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් .

කෙසේ වෙතත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-ක් 50ක් පමණ වැඩිවිය හැකි වනවා .

WhatsApp Group

Skip to content