Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයිනට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී ඇය සඳහන් කළේ, චීනයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලද යෝජනා ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙම අසීරු මොහොතේ ලබාදිය හැකි උපරිම දායකත්වය චීනය විසින් ලබා දී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නිං සඳහන් කළා.

චීන එක්සිම් බැංකුව ලිඛිතව ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය වෙනුවෙන් ලබාදිය හැකි සහනය දැනුම් දී ඇති අතර, ලක් රජය ඊට ස්තුතිය ද පළ කර තිබෙනවා.

තවදුරටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට චීනය උනන්දුවෙන් පසු වන බව ද එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළා.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය නියෝජිතවරිය පවසන පරිදි ශ්‍රී ලංකාව නොසළකා හැරීමක් මෙහි දී සිදු කර නොමැති බව යි අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content