හැටන් කොටගල පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතික්ෂාව, කැස්ස සහ උණ රෝගි ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

ඉන් වැඩි පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් ගුරු අභ්‍යාසලාභින් 10 දෙනෙකු තම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරිය කියා සිටියේ.

ශ්‍රි පාද විද්‍යා පීඨයේ පැතිර යන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කල බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනිය පැවසිය.

අප මේ සම්බන්ධයෙන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ශ්‍රි පාද විද්‍යා පීඨයේ පැතිර යන වෛරසය සම්බන්ධයෙන් (22) දින එම විද්‍යා පීඨයට ගොස් පරික්ෂණයක් සිදු කල බවත්, කොටගල ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලැබු ගුරු අභ්‍යාසලාභින් කිහිපදෙනෙකුගෙන් රුධිර සාම්පල් ලබාගත් බවත්, ප්‍රතිකාර ලබාගත් ගුරු අභ්‍යාසලාභින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

WhatsApp Group

Skip to content