Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා .

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ අතරින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ පදිංචි වයස මාස දෙකහමාරක බිලිඳියක් වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි පිරිමි දරුවෙක් බවයි .

පසුගිය 09 වනදා අලුයම මෙම දරුවන් දෙදෙනාම මියගොස් ඇති අතර ඉන් එක් දරුවෙකු හට පෙනහලු ආබාධයක් තිබූ බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා .

අධික සීතල දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් තුන් හැවිරිදි පිරිමි දරුවා හුස්ම ගැනීමේ අපහසුතා මත මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .

කෙසේවෙතත් කුඩා දරුවන්ට මෙම අධික ශීත කාලගුණ තත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතුළු රෝගී තත්ත්වයන් හටගැනීමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා

ඒ හේතුවෙන් කුඩා දරුවන් අධික සීතල තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා .

WhatsApp Group

Skip to content