Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම ලබන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විභාගය අවසන් වන තෙක් මෙම නියමය බලපැවැත්වෙන බවයි කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.

විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුලු, උපකාරක පන්ති සංවිධානය සහ මෙහෙයවීම, අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම ආදි කටයුතු මේ අනුව තහනම් වනු ඇති.

WhatsApp Group

Skip to content