Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනට ඊයේ දිනයේදී සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ .

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙසයි .

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන පිරිසක් මෙම සාකච්ඡාවට සදහා එක්ව සිටියා.

WhatsApp Group

Skip to content