පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යොජනා කැඳවීම අද සිට ආරම්භ වීමට නියමිතයි.

එළැඹෙන 21 වැනි දා මධ්‍යාහන් 12 දක්වා ඒ සඳහා අවස්ථාවද හිමි වනවා .

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවීම අද සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබණු ු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැනපත් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදු කෙරෙන්නේද ඒ අනුව යි.

මේ වන විට දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතවරණ කාර්යාලවල දී ඇප මුදල් තැනපත් කර ඇති බව යි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ ආරම්භ කළ ද ඇප මුදල් තැන්පත් කිරීම සඳහා එළඹෙන 20 වනදා මධ්‍යහ්න 12 තෙක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙත කාලය පවතිනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නාමයෝජනා කැඳවීමේ අවසන් දිනයේදී ප්‍රකාශයට පත් කෙරන බවයි.

මේ අතර පැවැත්වීමට නියමිත මැතිවරණය සම්බන්ධව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් පලකල සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ,පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිළ ,සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-1.mp3?_=1

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට අද පෙරවරුවේ කැදවීමට නියමිත වනවා.

ඒ මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහායි .

ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට නිමිත සෙසු ආයතන වනවා.

මේ අතර අද පෙරවරු 10.00 ට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content