ප්‍රංශයට සහ හා බ්‍රිතාන්‍යයට තල් රා අපනයනය ආරම්භ කෙරුණා.

ඒ තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි.

ඊට සමගාමීව හා තල් කොල ආශ්‍රිත නිෂ්පාදනයන්හි අලෙවි ප්‍රවර්ධනයක් ද සිදු කෙරෙනවා.

තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් පළමුව ප්‍රංශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000ක්.

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමග විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ බර්නෙට් (Barnet) ප්‍රදේශයේ ස්පයිරිස් වෙළද මධ්‍යස්ථානය (Spires Shopping Centere) සහ London EN5 5XY හි දි විශේෂ අලෙවි වැඩසටහන් සන්විධාන් කෙරුණා.

උතුරේ තල් අරඹට සිමාවී තිබූ තල් සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනයන් අපනයන ක්ෂේත්‍රය වෙත යොමු කරමින් මෙරට ආර්ථික අර්බුදයට යම් සහනයක් ලබා ගැනීම සඳහා වූ ප්‍රමුඛ පියවරක් බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රීෂාන්ත පතිරාජ මහතා සඳහන් කළා.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ තවත් රටවල් කිහිපයකට මෙම අපනයන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කෙරෙන බවයි.

WhatsApp Group

Skip to content