වැසි වාර කිහිපයක් නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද දිනයේ ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි .

අකුණු මඟින් සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .

WhatsApp Group

Skip to content