දස දහස් ගණනක ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගර තුනක විරෝධතා ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ රටේ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීමේ – අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සැලසුම්වලට විරෝධය දක්වමින්.

ටෙල් අවිව්, ජෙරුසලම සහ හයිෆා නගරවල මාර්ග අවහිර කළහොත් හෝ පලස්තීන ධජ ප්‍රදර්ශනය කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අගමැතිවරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

පොලිසිය උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ වැසි සහිත කාලගුණය නොතකා, ටෙල් අවිව් හි හබීමා චතුරශ්‍රයේ අවම වශයෙන් විරෝධතාකරුවන් 80,000 ක් පමණ රැඳී සිටින බවයි.

එම පිරිස් – බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔහුගේ අන්ත ජාතිකවාදී ජාතික ආරක්ෂක ඇමති ඉටමාර් බෙන්-ග්වීර් ට විරෝධය දක්වමින් ඊශ්‍රායල ධජ සහ “අපරාධ රජය”, “ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය” සහ වෙනත් සටන් පාඨ කියමින් පුවරු ප්‍රදර්ශනය කරන ආකාරයද මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content