Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රවීණ ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ තනු නිර්මාපකයෙකු වන නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 76 වැනි වියෙහි පසු වුනා.

ඔහු සිය නිවසෙදී මියගොස් ඇත්තේ, හෘදයාබාධයක් හේතුවෙන් . නිහාල් නෙල්සන් මහතා උපත ලබන්නේ, 1946 වර්ෂයේ ජනවාරි 09 වන දිනයි.

ලස්සනට පිපුණු වන මල් ” ඔහු පටිගත කල ප්‍රථම ගීතය වනවා .

ඉන් අනතුරුව ඔහු ගී ගැයූ ,ගීත තැටි වලට අමතරව කැසට් පට ප්‍රමාණය 113 ක් පමණ වන අතර ඔහු ගැයූ ගීත දහස් ගණනක් වනවා .

ඔහු ලංකාවේ පළමු සී ඩී තැටිය නිකුත් කළ ගායකයා ලෙසද සැලකෙනවා.

නිහාල් නෙල්සන් මහතා චිත්‍රපට 25 කට අධික සංඛ්‍යාවක ද ගීත ගායනා කර තිබෙනවා .

WhatsApp Group

Skip to content