පාකිස්තානයේ පෙට්‍රල් මිල රුපියල් 10කින් අඩු කිරිමට එරට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

පෙට්‍රල් මිලට අමතරව ඩීසල් මිල ද රුපියල් 7.50කින් අඩු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කලා.

ඒ අනුව පාකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 214.80ක් වන බවත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 227.80ක් වන බවත් සදහන් .

පෙට්‍රල් සහ ඩීසල් මිලට අමතරව භූමිතෙල් මිල ද රුපියල් 10කින් අඩු කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව එරට භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 171.83ක් වන බව ද වාර්තා වනවා .

WhatsApp Group

Skip to content