Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි .

කටාර් රාජ්‍යයේ ලුසායිල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.30 ආරම්භ වනවා .

මෙම අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වර ලෝක ශුරයින් වන ප්‍රංශ කණ්ඩායම සහ ආර්ජන්ටිනා කණ්ඩායම අතරයි .

කෙසේ වෙතත් ආජන්ටිනා කණ්ඩායම අවසන් වරට පාපන්දු ලෝක ශුරයින් බවට පත්ව ඇත්තේ 1986 වසරේදී වීම විශේෂත්වයක් .

තරගාවලියේ ශුරයින් හට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1 600ක මුදල් ත්‍යාගයකින් ලබා දීමටයි නියමිතව ඇත්තේ .

එයට අමතරව කිලෝග්‍රෑම් 6කට වැඩි බරකින් යුත් රනින් නිපදවූ පාපන්දු ලෝක කුසලානයද ජයග්‍රාහකයින් හට හිමිවනවා .

මෙවර ලෝක කුසලාන අනුශූරයන්ට ඩොලර් මිලියන 30ක් ද තෙවැනි ස්ථානයට ඩොලර් මිලියන 27ක් ද සිව්වැනි ස්ථානයට ඩොලර් මිලියන 25ක් ද ප්‍රදානය කෙරෙනවා .

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා.
ඒ මොරොක්කෝ කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

එම පරාජයත් සමග මොරොක්කෝ කණ්ඩායමට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවනවා.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අප්‍රිකානු රාජ්‍යයක් විසින් දැක් වූ ඉහළම දක්ෂතාව ලෙසයි එය වාර්තා අතරට එක්වන්නේ.

WhatsApp Group

Skip to content