පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ , බස්නාහිර පළාතේ පාසල් 122 ක් ඉලක්ක කරගනිමින් ඊයේ දහවල් 12.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ කළ මෙහෙයුම් වලදී යි .

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි.

මේ අතර පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා.පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බව සදහන් .

මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කලා .

එමෙන්ම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සමබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/12/SUSIL-PREMJANATHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content