පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් තුන් ලක්ෂ 34,698 දෙනෙකු විභාගයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කලේ විභාගය සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බවයි

https://www.vnews.lk/storage/2022/12/L.M.D-DARMASENA-EDIT-02.mp3?_=1

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවරට වෙනස් ආකාරයකින් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ .

එහිදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් නියමිතයි.

එමෙන්ම පීඩනයකින් තොරව දරුවන් විභාගයට යොමු කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

https://www.vnews.lk/storage/2022/12/L.M.D-DARMASENA-EDIT-01.mp3?_=2

WhatsApp Group

Skip to content