Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

15 හැවිරිදි පාසල් දැරියක් අපහරණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ බෙදාහරින ලද බව කියන 20හැවිරිදි තරුණයෙක් මොරවක ප්‍රදේශයේදී ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්.

මොරවක ප්‍රදේශයේ අදාළ පාසල් සිසුවිය අපහරණය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් විදුහල්පතිවරයාටද ලැබී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන විමර්ශන කණ්ඩායම පවසන්නේ.

අදාළ සිසුවිය සිය නිවස තුළදී දස වතාවකට වැඩි ප්‍රමාණයක් අපහරණය කර ඇති බවත් පොලිස් විමර්ශනයන්වලදී හෙළිව තිබෙනවා.

සිසුවියගේ දෙමාපියන් රැකියාව සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවලදී සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත් එලෙස දූෂණය කරන අයුරු සැකකරු තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරනවා.

එලෙස පටිගත කරන ලද නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ මිතුරන් වෙත යොමු කර ඇති බවත් අදාළ දර්ශන දැරියගේ විදුහලේ විදුහල්පතිවරයාටද ලැබී ඇති බවත් පොලිසිය විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ කරගෙන තිබෙනවා.

15 හැවිරිදි පාසල් සිසුවිය ළමා නිවාසයක් වෙත යොමු කර ඇති අතර සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉිදරිපත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගත්තා.

WhatsApp Group

Skip to content