පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

WhatsApp Group

Skip to content