Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම සංවිධානය පවසන්නේ මෙය සිදු වී දින 12කට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගත නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවයි.

මෙම තර්ජන සිදු කරන පුද්ගලයා විදේශගතව සිට එය සිදු කළ ද ඔහුට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව තුළදී ලැබෙන බව පැහැදිලි කාරණයක් බව ද පැෆරල් සංවිධානය පවසනවා.

මෙම පරීක්ෂණ ප්‍රමාද වීම ජනතාවගේ විශ්වාසය බිඳවැටීමට හේතුවක් වනු ඇති බවද එම සංවිධානය අවධාරණය කළා.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/01/NIMAL-PUNCHIHEWA-EDIT-1-1.mp3?_=1

එමෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සම්පූර්ණයෙන් පක්ෂපාති ලෙස කටයුතු කරන බව මැතිවරණ අධ්‍යයන ආයතනය චෝදනා කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම නීතියට අනුකූල නොවන ලෙස කටයුතු කරන බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ පවසා ඇති බවයි.

මෙය බරපතල කාරණයක් බවද මංජුල ගජනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/01/MANJULA-GAJANAYAKA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content