Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යුක්රේනයේ ශීත ඍතුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුද අවියක් ලෙස භාවිතා කිරීමට උත්සාහ දරණ බවට නේටෝ සංවිධානය චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රකාශය එම සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් මහතා සිදුකර ඇත්තේ රුමේනියාවේ පැවැත්වෙන නේටෝ සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් .

යුක්රේනයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක බින්දුවක් දක්වා පහළ බැස ඇති අතර, රුසියානු හමුදාව සති ගණනක් පුරා යුක්රේනයේ විදුලිබල පද්ධතියට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් මිලියන ගණනක ජනතාවකට විදුලි බලය අහිමි වී ඇති බවයි .

WhatsApp Group

Skip to content