ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂදීය කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් .

මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ කංසා ශාක වගා කිරීම සදහා තැම්පතු මුදලක් අය කිරීමට සුදානම් බවත් කිසියම් ආකාරයක සමාජයට අවැඩක් වන දෙයක් සිදුවුව හොත් එම තැන්පතුව වැවිලිකරුවන් හට අහිමි වන ලෙස කටයුතු සුදානම් කරමින් සිටින බවයි .

 

https://www.vnews.lk/storage/2022/11/SISIRA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content