යතුරු පැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18  හැවිරිදි පෙම්වතිය බව කියන තරුණියක අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම නිරුවත් කොට ලිංගික අතවරයක් සිදු කර ඇයගේ නිරුවත ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පින්නවල පොලිසිය විසින් අප්‍රේල් මස 8 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන 38 හැවිරිදි විවාවහක අයෙක් බවත් සැකකරු හම්බෙගමුව කොටවෙහෙර මංකඩ දිවුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා.

පින්නවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඇයගේ පෙම්වතිය බව කියන 18 හැවිරිදි තරුණිය සමග සමනළවැව වේල්ල ප්‍රදේශයට සිරි නැරඹීමට යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.

පෙම්වතුන් යුවළ සිරි නරඹමින් සිටින අවස්ථාවේ යතුරු පැදියකින් එම ස්ථානයට පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිල හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියෙකු බව පවසා මත්ද්‍රවය ඇත්ද යන්න පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවට පවසා ඇති බවයි පොලිසිය පවසන්නේ.

තමන් ළඟ මත්ද්‍රවය නොමැති බවට ඔවුන් දෙදෙනා බැගෑපත්ව පවසා ඇති බවත් කෙසේ වෙතත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් දෙදෙනාගේම අත්වලට මාංචු දමා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

පසුව තරුණියගේ අතට දමා තිබූ මාංචු ගලවා තරුණයා ඔහුගේ යතුරු පැදියට සම්බන්ධ කර මාචු දමා ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස තරුණයා සිකර තබා සැකකාර පොලිස් කොස්තාපල්වරයා තරුණිය ආසන්නයේ පිහිටි කැලෑවකට බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ඇය සම්පූර්ණයෙන් නිරුවත් කොට ලිංගික අතරයක්ද සිදු කර ඇයගේ නිරුවත සැකකරුගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වූ සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි තරුණයාද මුදාගෙන තිබෙනවා.

මාංචු කුට්ටම, ජංගම දුරකතනය සහ සැකකරු පැමිණි යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

18 හැවිරිදි තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවත් පොලිසිය පවසනවා.

මෙම සිද්ධියට අදාළව තරුණියගෙන් සහ තරුණයාගෙන් ප්‍රකාශයක්ද පොලිසිය ලබාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සමනළවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

උපුටා ගැනීම – ලංකාදීප

 

 

 

WhatsApp Group

Skip to content