ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇතැයි වාර්තවනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කලේ එවැනි පුද්ගලයකු පත් කිරීම සම්බන්දව වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි.

මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බවද ඒ මහතා කියා සිටියා.

සභාපති ධුරය සඳහා කඩිනමින් පුද්ගලයකු පත් කර ගැනීමට කටයුතු කරන බවයි සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

මහාචාර්ය ජී එල් පීරිස් මහතාට අමතරව පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බවද ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content