Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුසියාව විසින් ඊයේ දිනයේ තම රටට මිසයිල ප්‍රහාර 76කින් දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසනවා.

එම ප්‍රහාර හමුවේ බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර විදුලි සැපයුම් ය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

බොහෝ කලාපවල උෂ්ණත්වය සෘණ අගයක් ගෙන ඇති අතර රුසියාව යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කර සිටියා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උෂ්ණත්වය පහත වැටී ඇති අවස්ථාවේ අත්‍යවශ්‍ය පහසුකම් ඉලක්ක කර ගනිමින් ශීත කාලය ආයුධයක් ලෙස භාවිතා කිරීමට මොස්කව් පාලනය දරුණු වී ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ දවස පුරා හමුදා මෙහෙයුමේ මූලස්ථානයේ රැඳී සිටි බව ක්‍රෙම්ලිනය පවසනවා.

අඛණ්ඩව එල්ල වූ ප්‍රහා හමුවේ යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථානවලට බලපෑම් එල්ල වී ඇති අතර බලාගාර නවයකට පමණ බරපතල හානි සිදු ව තිබෙනවා.

WhatsApp Group

Skip to content