Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා .

එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ, පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.

පසුගිය 08, 09 දෙදින උතුරු – නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක ගවයින් සහ එළුවන් 1000කට අධික ප්‍රමාණයක් මිය යෑමේ සිද්ධීන් වාර්තා වුණා .

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම මරණවලට හේතුව පැවති අධික ශීත කාලගුණය බවට සැක කරන බවයි.

මේ අතර, මියගිය සත්වයින්ගේ හිමිකරුවන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා අද සාකච්ඡාවක් පැවැත්වෙනවා .

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

WhatsApp Group

Skip to content