Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට ඊයේ පස්වරුවේ පැමිණියා.

ඒ පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙකුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීම සදහායි .

එහිදී අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමගද විශේෂ සාකච්ඡාවක් පැවත් වීමට කටයුතු කලා .

මේ අතර නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව ඊයේ සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා .

මෙම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පසුගිය සිකුරාදා රාත්‍රීයේ සිදු වු මාරක රිය අනතුරින් පසුව පොලීසිය විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

අදාළ මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස ඩෙස්ෆෝට් හරහා රවුම් මාර්ගය භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා .

මෙම මාර්ග කොටසේ දී රථ වාහන අනතුරු සිදුව ජීවිත හානි රැසක් වාර්ෂිකව සිදු වන බැවින් රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය සම්පුර්ණයෙන් නවතා දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ද පොලීසිය සඳහන් කළා .

WhatsApp Group

Skip to content