තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒ්කකයට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වනවා.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගාලු මුවදොර පැවැති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට කේ. සූජිවා යමින් සිටි අවස්ථාවේදී රිය අනතුරක් සිදුව ඇති අතර එහි වීඩියෝ අන්තර්ජාලයට අනතුරේ අනෙක් පාර්ශ්වය විසින් මුදා හැර තිබෙනවා.

අනතුර සිදු වූ අවස්ථාවේදී තමා මත්පැන් පානය කර සිටි බවට වන චෝදනාව සම්බන්ධයෙන්ද කේ. සූජිවා අදහස් දක්වා තිබෙනවා.

ඇය පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් බී නැති බවත් බොන්නෙද නැති බවත්ය.

“මම කවදාවත් බොන්නේ නැහැ. බීලා හිටියා නම් පොලිසියට පුළුවන් චෙක් කරලා මාව අත්අඩංගුවට ගන්න. මම දරුවො දෙන්නත් හදාගෙන තනියම ඉන්න ඒකේ තරහට තමයි මේ සියලු දේවල් කරන්නේ.”

යනුවෙන්ද ඇය අදහස් දක්වා තිබෙනවා.

එසේම කේ. සුජීවා පවසන්නේ එම ස්ථානයේ සිදු වූ සම්පූර්ණ වීඩියෝව කවුරුත් දාන්නේ නොමැති බවයි.

“මාව වීඩියෝ කරන කොට මම ඒතැන සිටි පොලිස් නිලධාරීයාට කිව්වා මම ප්‍රසිද්ධ කෙනෙක්, මාව වීඩියෝ කරලා මෙයාලා මොනව කරයිද දන්නේ නැහැ කියලා. ඒ් ටික නැතිව මම ප්‍රසිද්ධයි කියන ඒක විතරක් දානවා. පොලිසියෙන් මට ඒ්වෙලාවේ කිසිදු සහායක් ලැබුණේ නැහැ.” යනුවෙන්ද ඇය පවසා තිබෙනවා.
අදාළ අනතුර සම්බන්ධයෙන් වන වීඩියෝ පහතින් නරඹන්න.

 

WhatsApp Group

Skip to content