මේ වන විට රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු දෙනා රට සහ ජාතිය පිළිබඳ හැඟීමෙන් කටයතු කිරීමට මෙම වසරේ අදිටන් කරගත යුතු බව අස්ගිරි මහ නාහිමියන් පවසනවා.

2023 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් සඳහන් කළේ ජනතාව සාමකාමීව, මෛත්‍රී සහගතව කටයුතු කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/01/WARAKAGODA-HIMI-EDIT.mp3?_=1

එමෙන්ම රට ගොඩ ගැනීමට නම් එක්සත්ව එක්සිත්ව කිසිදු භේදයකින් තොරව කටයුතු කරන්නැයිද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් මෙහිදී සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/01/WIMALADHAMMA-HIMI-EDIT.mp3?_=2

මේ අතර පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/01/DHAMMARATHANA-HIMI-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content