මස්කෙළිය , මීරියාකෝට්ටේ ශ්‍රී පාද රක්ෂිතයට ඊයේ රාත්‍රියේ ඇද හැළුණු අධික වාර්ෂාවත් සමග එම ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරැ පැවසුවේ මස්කෙළිය ඔය පිටාව ගැලීමෙන් ෆෙයාලෝන් තේ වතුයායේ පිහිටි පුල්ලෙයාර් කෝවිලේ අඩක් ජලයෙන් යටවී ඇති බවයි.

මීරියාකෝට්ටේ ශ්‍රී පාද රක්ෂිතයට ඊයේ පස්වරැවේ සිට අධික වර්ෂාවක් පැවති බවයි ඔහු සදහන් කළේ.

අධික වර්ෂාව පවතින සෑම අවස්ථාවකදීම පුල්ලෙයාර් හින්දු කෝවිල වැසි ජලයෙන් යටවන බවයි වතු කම්කරැවන් පවසන්නේ.

WhatsApp Group

Skip to content