Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කුවේට් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා ගම්පොල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රැපියල් ලක්ෂ හතරකට අධික මුදල් වංචා කළ එක් සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි අවස්ථාවේදීයි.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඕමාන් රාජ්‍යයේ රැකියාවක් ලබා දීමට පුද්ගලයෙකුගෙන් රැපියල් ලක්ෂ 5කට අධික මුදලක් ලබා ගෙන තිබුණා.

සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content