මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනභාවය ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කලා.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාමත් අසාධාරණය බවයි සභාපති ජනක රත්නායක මහතා අද පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKE-EDIT-02.mp3?_=1

මේ අතර විදුලි බිල ඉහල දැමීම සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පල වුනා .

https://www.vnews.lk/storage/2023/01/VIDULI-EDIT-1-1.mp3?_=2

විදුලි බිල ඉහල දැමීමට එරෙහිව විදුලි සේවකන් හෙට දහවල් 12ට විරෝධතාවයක නිරත වීමට නියමිතයි .ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කලා

https://www.vnews.lk/storage/2023/01/RANJAN-JAYALAAL-EDIT-.mp3?_=3

මේ අතර නැවත වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීම සදහා වන යෝජනාව අද දිනයේදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සදහා අයකරන ගාස්තුව හා ස්ථාවර ගාස්තුව වැඩිකිරීම සිදුවන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content