මාධ්‍ය උපමාන කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කල බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

ඒ සදහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි ඔහු සදහන් කලේ .

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා .

https://www.vnews.lk/storage/2022/12/BANDULA-CABINET-03.mp3?_=1

මේ අතර පර්ලිම්නේතු මැතිවරණ පනත සංශෝදනය සමබන්ධයෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කලා .

https://www.vnews.lk/storage/2022/12/BANDULA-CABINET-04.mp3?_=2

මේ අතර ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස් වරදක් බවට පත් කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසයි නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content