මාර්තු 15වන දා වන විට පාසල් නිළ ඇදුම් ලබාදීම සැලසුම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ නිළ ඇදුම් රෙදි සියයට හැත්තෑවක් ලබා දීමට චීන රජය එකඟවී ඇති බවයි.

එහි පළමු තොගය මේ වන විටත් ලැබී තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/02/SUSIL-PREMJAYANTH.mp3?_=1

මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන ගෙවීම් වැඩි කිරිම සහ මෙතෙක් පැවති හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කලේ.

දැනට පවතින මුදල වැඩි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දී ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කරමින් එම ගෙවීම් සිදු කෙරෙනු ඇති.

විභාග ප්‍රතිඵල පමා වුවහොත් එය දරුවන්ගේ ජීවිතයට බලපාන එබැවින් දරුවන්ගේ යහපත සැළසෙන ආකාරයට හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන්නැයි රජය අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content