ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

එහි දී තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙරට ජනාධිපතිවරයා තම කණගාටුව ප්‍රකාශ කිරීමටයි කටයතු කර ඇත්තේ .

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහාය තුර්කියට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා .

සඳුදා සිදු වූ ප්‍රබල භූමිකම්පා හේතුවෙන් දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ අනතුරට පත් වුවන් සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

දිවි ගලවා ගත් අය සොයා කෙරෙන සහන කටයුතු වර්ෂාව සහ හිමපතන හමුවේ යම් අඩාලවීමක් පවතින බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යාඥ හේලි බි්‍රන්ක් පවසන ආකාරයට මෑතකදී සිරියාවේ සහ තුර්කියේ ඇතැම් ප්‍රදේශවලට දැඩි හිම කුණාටු ඇති වී තිබෙනවා .

මෙම තත්ත්වය අද වනවිට තවදුරටත් පහල වැටී උෂ්ණත්වය අංශක බිංදුවට වඩා අංශක කිහිපයක් පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

භූ කම්පන අනතුරු හේතුවෙන් මේ වන විටත් 8,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

තුවාල ලබා ඇති පිරිසද 15,000කට අධිකයි.

තුවාල හා මරනකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකතනය කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුවලට අනුව මෙම භූමිකම්පා හේතුවෙන් තුර්කිය සහ සිරියාව පුරා විපතට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 23 ක් හෝ ඊට වැඩි විය හැකි බව සඳහන්.

තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩොගන් නිවේදනය කළේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

භූමිකම්පා විපත් කලාපය තුළ නගර 10 ක් ඇති බවත්, ලොව පුරා රටවල් 70 කින් තම රජයට ආධාර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content