Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාලදිවයිනේ සිට රත්මලාන ගුවන්තොටුපල දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබද මුලීක සාකච්ඡා සාර්ථක වු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ජර්මනියේ බ්‍රලීන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන වැඩසටන අතරතුරයි මෙම හමුව සිදුව ඇත්තේ.

එමෙන්ම රත්මලාන සිට හිගුරක්ගොඩ, චීන වරාය, යාපනය සහ මඩකලපුව දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම පිළිබදව ද මෙහිදී සකච්ඡාවට ලක්වු බව හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

සංචාරක කර්මාන්තයේ සැලසුම් යථාර්තයක් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content