විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එල්. එන්. ජී යටිතල පහසුකම් සංවර්ධනය සහ බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කෙළ්.

බලශක්ති අංශයේ නව ආයෝජන පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

එමෙන්ම ත්‍රිකුණාමලය කේන්ද්‍රකරගනිමින් තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

WhatsApp Group

Skip to content