ප්‍රංශයේ මැයි දිනයට සමගාමිව පැවති විරෝධතාවක් අතරතුර සිදු වූ ගැටුමකින් පොලිස් නිලධාරින් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබෙනවා.

දින ගණනාවක් පුරා පැවති මෙම විරෝධතා ඊයේ දිනයේදී උත්සන්න වී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

විරෝධතාවට එක්ව සිටි ජනතාව ආරක්ෂක අංශ වෙත පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.

එම නොසන්සුන්තාව අතරතුර පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content