Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේ කාල රාමුව දිගු කිරීමට මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි.

ඒ අනුව හැකි ඉක්මණින් ඊට අදාළ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත් වුණේ ජපාන අන්තර්ජාතින සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී යමඩා ටෙට්සුයා මහතා ඇතුළු පිිරිසකගේ සහභාගීත්වයෙනි.

WhatsApp Group

Skip to content