Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2024 වසරේ ගතවූ මාස 04 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමු කිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී තිබේ.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතරින් පැමිණිලි 495 ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබා දී ඇති අතර පැමිණිලිකරුවන්ට රු 53, 509,520.00 ක මුදලක් යළි අය කර දීමට ද විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ. තවත් පැමිණිලි 680 කට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ද කාර්යාංශය පියවර ගෙන තිබේ.

WhatsApp Group

Skip to content