මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මැයි 9 අරගලයට අදට වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.ඒ අනුව මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද ඔහු පැවසුවා.

මේ අතර පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනය වී වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා ඔහුට ගෞරව පුද කරනු ලැබුවා.
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට අනුව මේ නිහඬතාවය පළ කලා.

WhatsApp Group

Skip to content