Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුවේ වැරදි පියවර සහ පරිපාලනමය හේතුන් නිසා වසර 59 කට පසුව ඉතිහාසයේ පලමු වරට අප්‍රේල් මාසයේදී පාකිස්ථානයේ උද්ධමනය 36.4% දක්වා ඉහළ ගොස් ඇත.
වසරකට පෙර පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ආන්ඩුවේ නිල කාලය අවසන් වන විට, වාර්ෂික උද්ධමන අනුපාතය 13.4% ක් වූ අතර එය වසරක් ඇතුළත අහස උසට ගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා

පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරිෆ්ගේ ආන්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය මෙයින් මනාවට පෙන්නුම් කරන බවද එම වාර්තාවල සඳහන්.

පාකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශය අඟහරුවාදා වාර්තා කළේ එරට පාරිභෝගික මිල දර්ශකය 36.4% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
උද්ධමනය සීයයට 53ක් වූ ඉරානය හැර මුළු ආසියාවේම පකිස්ථානයට සමාන්තරව උද්ධමනය ඉහළ ගිය වෙනත් රටක් නොමැති අතර, ගෝලීය ආර්ථික සාධකවලට වඩා දේශීය තත්ත්වයන් හේතුවෙන් මෙලෙස උද්ධමනය වැඩි වීමට හේතු සාධක වී තිබෙනවා.
පාකිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශවල උද්ධමන අනුපාතය ද ඉහළ මට්ටමක පවතින අතර එය 40.7%ක් ලෙස වාර්තා වී ඇතැයි සඳහන්.

WhatsApp Group

Skip to content