ක`ඵතර දකුණ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

එම කාන්තාවන් දෙදෙනා දින කිහිපයක සිට අතුරුදන්ව සිට ඇති අතර අදාළ නිවස ආසන්නයේ දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් 119 දුරකථන අංකයට ලබාදුන් පණිවිඩයක් අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගිය කාන්තාවන් දෙදෙනා 65 සහ 79 යන වයස්වල පසුවන අතර මෘතශරීර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content