එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් තිබෙනවා.

කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද මේ බව දැනුම් දුන්නා.

වී හා බඩ ඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුනා.

එම කාරණය සැලකිල්ලට ගනිමින් අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙසයි කෘෂිකර්ම අමාත්වරයා රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content