Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාඩු ලබන සංස්ථා සහ මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙන බවයි සඳහන් වන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයින් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයද එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇතැයි ජනාධිපතිවරයා වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබෙනවා.

මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබුණද, ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වා දෙමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන්.

මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද, ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකන් 4200 ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දිමනා ලෙස ගෙවා ඇති බව සඳහන්.

එහි ඉහල නිලධාරීන් අතර රුපියල් ලක්ෂ පහක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ද වාර්තා වනවා.

එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා ලබා ගැනීම හේතුවෙන් ඉහත මුදල වැය වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයින් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කර ගනිමින් මෙලෙස 13 වන මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ දැක්වෙනවා.

WhatsApp Group

Skip to content