Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමක් විසින් ගිවිසුම්ගත වූ පළමු විදෙස් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආරෝන් ෆින්ච් පත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තරගාවලිය සදහා එක්වන තවත් විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු පිළිබද තොරතුරු ද නිවේදනය කෙරුණා.

එම ක්‍රීඩකයින් වන්නේ ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටොයිනිස්, මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාවේ අන්රික් නොකියා, ක්වෙන්ටන් ඩී කොක් හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි.

මාෂ් හා ඩී කොක් ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත සියැටල් ඔර්කාස් කණ්ඩායම සමගයි.

ස්ටොයිනිස් සැන් ෆැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම සදහා ද, නොකියා හා හසරංග වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී මේ වන විට අමෙරිකාවට සංක්‍රමණය වී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා ඇන්ජෙලෝ පෙරේරා සියැටල් ඔර්කාස් කණ්ඩායම විසින් සිය සංචිතය සදහා තෝරා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content