Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනු සදහා විශ්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට මගපෙන්වීමක් බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීම සදහා යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ඇතු`ඵ දීමනා සදහා රුපියල් බිලියන 196 ක මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවදුරටත් ණය ලබා නොගතයුතු බවයි.

https://www.vnews.lk/storage/2023/03/ALI-SABRI-EDIT.mp3?_=1

මේ අතර මුදල් මුද්‍රණය හේතුවෙන් භාණ්ඩ සහ සේවා තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා චෝදනා කරනවා.

ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/PATALE-CHAMPIKA-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content