ජිවිතාරක්ෂක ඖෂධ එන්නත් තොගයක් මුකුල් මාධව් පදනම හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

අඩු රුධිර පීඩනය සහ කම්පනය සඳහා භාවිතා කරන එන්නත් 140,000 ක් හා නිර්වින්දන හා ප්‍රතිවිෂ ඖෂධ 150,000 ක් ඊට ඇතුලත්.

ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන වත්මන් අභියෝග හමුවේ මෙවැනි හදිසි අවස්ථාවකදි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීමට එක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රසාදය පළ කරනු ලැබුවා.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජිවිතාරක්ෂක ඖෂධ වර්ග 14ක් අවශ්‍ය බවත් , එම ජිවිතාරක්ෂක ඖෂධ සියල්ල මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content