75 වන නිදහස් උත්සවයට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධාන කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජාතික තරුණ වේදිකාව වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි.

අපේ අලුත් කතා යන තේමාවෙන් ජාතික තරුණ චිත්‍රපට උළෙල අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජාතික තරුණ කෙටි චිත්‍රපට තරගයක් ද පැවැත්වෙනවා.

පාසල් සහ වයස අවුරුදු 18 ත් 27ත් අතර කාණ්ඩයට එය විවෘත කෙරෙනු ඇති.

මෙම තරගයට කෙටි චිත්‍රපට භාරගැනීම ලබන 20 වනදා ආරම්භ කෙරෙනවා.

අන්තර්ජාලය හරහා නිර්මාණ ඉදිරිපත් කිරීමට ද අවස්ථව පවතින බවයි සංවිධායකයින් සඳහන් කළේ.

මෙම කෙටි චිත්‍රපට විනිශ්චයට ලක් කෙරෙනු ලබන්නේ නව පරම්පාරවේ සිනමාකරුවන් විසින්.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ මෙහි ජාතික සම්බන්ධීකාරක ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ මහේල හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන බවයි

WhatsApp Group

Skip to content